කොවිඩ් වලට එරෙහි දේශීය ඖෂධ සහ ප්‍රතිකාර කඩිනමින් විද්‍යානුකූලව තහවුරු කරගන්න - අගමැතිගෙන් උපදෙස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
13

කොවිඩ් වලට එරෙහි දේශීය ඖෂධ සහ ප්‍රතිකාර කඩිනමින් විද්‍යානුකූලව තහවුරු කරගන්න - අගමැතිගෙන් උපදෙස්

කොවිඩ් වලට එරෙහි දේශීය ඖෂධ සහ ප්‍රතිකාර කඩිනමින් විද්‍යානුකූලව තහවුරු කරගන්න - අගමැතිගෙන් උපදෙස්

කොවිඩ් 19 වෛරසය මැඩලීමට දේශීයව සොයාගත් ඖෂධ සහ ප්‍රතිකාර විද්‍යානුකූලව තහවුරු කර ගැනීම කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

 

ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ නිර්දේශිත දේශීය වෙදකමක්, ආචාර්ය හර්ෂ සුබසිංහ මහතාගේ සහ ඉන්දික ජාගොඩ මහතාගේ මුලිකත්වයෙන් සැකසූ කොවිඩ් සදහා විශේෂිත වූ දේශීය ප්‍රතිකාර ක්‍රම හා කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතාගේ ඖෂධ පැණිය වැඩිදුරටත් විද්‍යානුකූල පරීක්ෂණයකින් තහවුරු කිරීමට අග්‍රාමාත්‍යතුමා ජාතික පර්යේෂණ සභාවට නිර්දේශ කර ඇති බව අගමැති මාධ්‍ය අංශය පවසනවා.


කෑගල්ල ධම්මික බණ්ඩාර වෙද මහත්මයාගේ පැණිය පිළිබඳව පර්යේෂණ පත්‍රිකාවක් රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරුන්ගේ මැදිහත්වීමෙන් ඉදිරිපත් කෙරන අතර ඒ පිළිබඳව පර්යේෂණ සඳහා මෙරට සියලුම වෛද්‍ය විද්‍යාල නියෝජනය වන පරිදි කායික විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුම සපිරි ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් පස් දෙනෙකු සහ ජාතික පර්යේෂණ සභාව වෙනුවෙන් ජාතික පර්යේෂණ සභාවේ සභාපති ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහල මහතා යොමු වී තිබෙනවා.

 

ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතාගේ අත්සනින් යුතු මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

 

මාධ්‍ය නිවේදනය පහතින්.....

 

 

views

576 Views

Comments

arrow-up