ළමා අපචාර සිදුකරන්නන්ගේ ඡායාරූප හා තොරතුරු මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරීමේ තීරණයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
13

ළමා අපචාර සිදුකරන්නන්ගේ ඡායාරූප හා තොරතුරු මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරීමේ තීරණයක්

ළමා අපචාර සිදුකරන්නන්ගේ ඡායාරූප හා තොරතුරු මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරීමේ තීරණයක්

ළමා අපචාර, ස්ත්‍රී දූෂණ හා මංකොල්ලකෑම් වැනි අපරාධ සිදුකරන පුද්ගලයින් හඳුනාගෙන ඔවුන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් අනතුරුව මාධ්‍ය තුළින් ප්‍රසිද්ධියට පත්කරනු ලබන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා.

 

අපරාධ වලට සම්බන්ධ පුද්ගලයින් හඳුනාගෙන ඔවුන්ගේ ඡායාරූප හා තොරතුරු මාධ්‍ය තුළින් ප්‍රසිද්ධියට පත්කරීමෙන් බියක් හෝ ලැජ්ජාවක් ඔවුන් තුළ ඇති කිරීම අරමුණ බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

 

“ළමා අපචාර, ස්ත්‍රී දුෂණ, මංකොල්ලකෑම් හා නින්දිත ලෙස පාරේ මැද්දේ තියා පහර ගැසීම් ආදි ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන සියලු දෙනා හඳුනාගත් පසුව ඔවුන්ට නඩු දාන ගමන් මාධ්‍ය තුළින් මේ අයගේ ඡායාරූප හා විස්තර මාධ්‍යයට නිකුත් කරනවා.

ඒ තුළින් මම හිතනවා ඉදිරියේ දී එවැනි දෙයක් කරනවා නම් තමන්ගේ විස්තර සමස්ත ජනතාව දැනගන්න නිසා ඒ තුළින් ඔහු කිසියම් බියක් හෝ ලැජ්ජාවක් ඔවුන් තුළ ඇති කිරීම තමයි අපේ සම්පූර්ණ පරමාර්ථය.

මහජන ආරක්ෂක ඇමති හැටියට මට ලැබිලා තියෙන වගකීම තමයි සමස්ත ජනතාවට බියෙන් සැකයෙන් ජීවත්වෙන්න පුළුවන් සමාජයක් ඇති කිරීම. ගමේ චණ්ඩි පමණක් නෙමෙයි ගෙදර ඉන්න බිරිඳට පොල්ලෙන් ගහලා  අතපය කඩන ස්වාමිපුරුෂයෝත් ඉන්නවා.

එවැනි කාන්තා හිංසනයන් හා ගමේ වෙන වෙනත් අපරාධ සම්බන්ධයෙන් අපි සිවිල් ආරක්ෂක කමිටු ස්ථාපිත කරනවා.

ඒ තුළින් අපිට පුළුවන් වෙනවා මේ අපරාධකරුවන් අල්ලා ගැනීමට. අපි දඬුවම් දෙනවාට වඩා මේ පණිවුඩය ජනතාවට දෙනවා. ඉදිරියේ දී නීතිගරුක සමාජයක් හදලා ජනතාවට බියෙන් සැකයෙන් තොරව ජීවිත් විය හැකි සමාජයක් හැදීම මගේ වගකීමක්.“

 

views

554 Views

Comments

arrow-up