පාස්කු ඉරිදා පිපිරුම් මතක් කළ, අද දෙමටගොඩ පිපිරීමට හේතුව මෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
15

පාස්කු ඉරිදා පිපිරුම් මතක් කළ, අද දෙමටගොඩ පිපිරීමට හේතුව මෙන්න

පාස්කු ඉරිදා පිපිරුම් මතක් කළ, අද දෙමටගොඩ පිපිරීමට හේතුව මෙන්න

දෙමටගොඩ ප්‍රදේශයේ අද (15) උදෑසන සිදු වූ පිපිරීම ගෑස් සිලින්ඩරයක ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදු වූ පිපිරීමක් බවට මෙතෙක් සිදු කළ විමර්ශනවලින් පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

 

උදෑසන 8.45ට පමණ දෙමටගොඩ පොලිස් වසමේ මහවිල පටුමග සමන්තවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ මෙම පිපිරීම සිදුව තිබෙනවා.

 

කොළඹ ගිනි නිවීමේ සේවා ඒකකය පැවසුවේ සිදු වූ මෙම පිපිරීමෙන් එහි සිටි කාන්තාවන් දෙදෙනෙකු පිලිස්සීම් තුවාල සහිතව රෝහල් ගත කර ඇති බවයි.

 

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

views

655 Views

Comments

arrow-up