අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීරගේ අවසන් කටයුතු අද
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
09

අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීරගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීරගේ අවසන් කටයුතු අද

අද පස්වරු 3.30 ට මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී ඔහුගේ අවසන් කටයුතු සිදු කෙරෙන බවයි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර සඳහන් කළේ. 

 

මේ වනවිට දේහය මාතර - පරමුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර, අවමංගල පෙරහර පස්වරු 2 ට නිවසින් පිටත්වීමට නියමිතයි. 

 

රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර පසුගිය 5 වනදා අභාවප්‍රාප්ත වුණා. 73 වන වියේ පසුවූ ඔහු වෘත්තියෙන් නීතීඥවරයෙකු මෙන්ම ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපති සහ දේශපාලන මණ්ඩල සභිකයෙකු ලෙසද කටයුතු කළා.

 

1994 වසරේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු අවස්ථා ගණනාවකදී නියෝජ්‍ය අමාත්‍ය ධුරයේද පසුගිය රජය සමයේ පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙසද කටයුතු කළා.
 

views

653 Views

Comments

arrow-up