ජනපතිවරණයේ නාමයෝජනා කැඳවන දින තීරණය හෙට

එළඹෙන ජනාධිපතිවරනයේ නාමයෝජනා කැඳවීමට අදාළ ගැසට් පත්‍රය නිකුත්කිරීම පිළිබඳව මැතිවරණ කොමිසම හෙට දින අවසන් තීරණයක් ගනු ඇති බව වාර්තාවේ .
මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක් හෙට පෙරවරුවේ පවත්වීමට නියමිත අතර එහිදී ජනපතිවරණයේ නාම යෝජනා කැඳවන දිනය ප්‍රකාශයට පත්කෙරෙන මෙම ගැසට් පත්‍රය නිකුත්කිරීම පිළිබඳව විශේෂයෙන් අවධානය යොමුකෙරෙනු ඇත.
එළඹෙන 16 දින හෝ ඊට ආසන්න දිනකදී පක්ෂ ලේකම්වරුන් කැඳවා ඉදිරි මැතිවරණ ගැන දැනුවත් කිරීමක් කිරීමටද මැතිවරණ කොමිසම කටයුතු යොදා ඇති අතර ඒ පිළිබඳවද අවසන් තීරණයන් හෙට දින ගැනීමට නියමිත බව ද වාර්තාවේ.
645 Views
Comments