රූපවාහිනි සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනේ

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වහාම ක්‍රියාත්මක වන පරිදී රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගෙන තිබෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය භාරව කටයුතු කරන අතර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගන්නා බව සඳහන් කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් අද (09) රාත්‍රීයේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිධූරය හා එහි පරිපාලනය සම්බන්ධයෙන් ඉකුත් කාලය පුරා ගැටළු සහගත තත්ත්වයක් පැවතුණා.
ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතාගේ නියෝජිතයන් බව පවසමින් අද දහවල් රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ මැර පිරිසක් හේතුවෙන් ජනාධිපතිවරයා විසින් මෙම කඩිනම් තීන්දුව ගෙන ඇති බව වාර්තා වනවා.
රුවන් විජේවර්ධන මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යයි කියන වරුණ රාජපක්ෂ නමැත්තෙකු විසින් මැර කණ්ඩායමක් වූ සංස්ථාව ඇතුළට ගෙන ඒමට අවසර ඉල්ලා සිටි බව එහි සභාපතිවිය වන ඉනෝකා සත්‍යාංගනි විසින් ජනාධිපතිවරයා වෙත පැමිණිලි කර තිබෙනවා.
ඒ අනුව ක්‍රියාත්මක වූ ජනාධිපතිවරයා කැළඹීමක් ඇති වීම වැළැක්විය අර්ථයෙන් මෙම පවරා ගැනීම සිදුකර ඇති බවයි ඉහළ පෙළේ ආරංචි මාර්ග සදහන් කරන්නේ.
952 Views
Comments