ඩොල්ෆින් සිරුරු මුන්දලම වෙරළට

මුන්දලම පල්ලිවාසල්පාඩු වෙරළට අද ( 25 ) අලුයමත් දින කිපයකට පෙරත් මරණයට පත් ඩොල්ෆින් සිරුරු දෙකක් ගොඩ ගසා තිබු බව ධිවරයින් පවසනවා.
අද දින අලුයම පල්ලිවාසල්පාඩු වෙරළට ගොඩ ගසා තිබු ඩොල්ෆින් මත්ස්‍යාගේ සිරුරේ තැනිත් තැන ලේ සහිත තුවාල තිබු ආකාරය දැක ගත හැකිවුණා. එසේම මෙයට පෙර දින තුනකට පෙර පල්ලිවාසල්පාඩු වෙරළේ කණ්ණාඩි මාදැල ආසන්නයේ වෙරළට ගොඩ ගසා තිබු අතර මේ වන විට එම සිරුර නරක් වී තිබෙනවා.
පල්ලිවාසල්පාඩු ධිවරයින් පවසන්නේ ඇතැම් ධිවරයින් ඩොල්ෆින් සැරිසරන කලාපයේදී මෙම මත්ස්‍යයින් මරා දැමීමෙන් පසුව මෙම වෙරළට ගොඩ ගසන්නට ඇති බවයි.
මෙම ඩොල්ෆින් මත්ස්‍යයින් දෙදෙනාම අඩි හයකට ආසන්න දිගකින් යුක්ත වන අතර කිලෝ 100 කට වැඩි බරකින් යුක්ත බවයි වාර්තා වන්නේ.
743 Views
Comments