කිංස්බරි බෝම්බකරුගේ හිස වළලන්න නියෝගයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
18

කිංස්බරි බෝම්බකරුගේ හිස වළලන්න නියෝගයක්

කිංස්බරි බෝම්බකරුගේ හිස වළලන්න නියෝගයක්

කොළඹ කිංස්බරි  හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා හළ ජාතික තවුහිද්  ජමාද් සංවිධානයේ සාමාජික බෝම්බකරුගේ හිස භාරගැනීම ඔහුගේ පවුලේ ඥාතීන් විසින් ප්‍රතික්ෂේප කිරිම නිසා එම හිස බොරැල්ල කනත්තේ වළ දැමීමට කොටුව මහේස්ත්‍රාත්  රංග දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (18) නියම කළා.

 

 

ජාතික තවුහිද්  ජමාද් සංවිධානය විසින් පසුගිය අප්‍රේල්  මස 21 වෙනි දා එල්ල කළ පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාර මාලාවේදී කොළඹ කිංස්බරි හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කරමින් ජිවිතක්ෂයට පත්වූ තවුහිද්  ජමාත් සංවිධානයේ මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නම් ත්‍රස්තවාදියාගේ හිස සම්බන්ධයෙන් පරික්ෂණ  කටයුතු අවසන් බව රහස් පොලීසිය  අධිකරණයට දැනුම් දුන්නා.

 

 

ඔහුගේ හිස  භාරගැනීම ඥාතීන් විසින් ප්‍රතික්ෂේප කොට ඇතැයි දැනුම් දුන් රහස් පොලීසිය  අදාළ හිස සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳ  නියෝගයක් දෙන්නැයි ඉල්ලා සිටියා.

 

 

කරුණු සැලකිල්ලට ගනිමින් අදාළ නියෝගය  කළ මහෙස්ත‍්‍රාත්වරයා මෙම පැමිණිල්ල ලබන මස 02 වැනිදා යළි කැඳවිමටද නියම කළා.

views

682 Views

Comments

arrow-up