උපවාසයේ යෙදෙන අබාධිත රණවිරුවන්ට අධිකරණයෙන් තහනම් නියෝගයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
18

උපවාසයේ යෙදෙන අබාධිත රණවිරුවන්ට අධිකරණයෙන් තහනම් නියෝගයක්

උපවාසයේ යෙදෙන අබාධිත රණවිරුවන්ට අධිකරණයෙන් තහනම් නියෝගයක්

කොටුව  දුම්රිය ඉදිරිපිට උපවාසයේ යෙදෙන ආබාධිත රණවිරුවන්ට මහාමාර්ග හා කාර්යාල වලට ඇතුළු වීම තහනම් කරමින් කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද  (18)  තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

 

 

මේ වන විටත් කොටුව දුම්රිය ඉදිරිපිට උපවාසයේ යෙදෙන ආබාධිත රණවිරුවන්ගේ උපවාසය හේතූවෙන් මහජනතාවට බාධා හා හිරිහැර සිදුවන බව කියමින් පොලීසිය කළ ඉල්ලීමක් පිළිගනිමින් මහෙස්ත‍්‍රාත්වරයා එලෙස තහනම් නියෝගයක් නිකුත් කළා.

 

 

කොළඹ මධ්‍යම  පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා ලනීතී කොට්ඨාසභාර නියෝජ්‍ය  පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සහ කොටුව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් මේ වන විටත් කොටුව දුම්රිය ඉදිරිපිට උපවාසයේ යෙදෙන ආබාධිත රණවිරුවන්ගේ උපවාසය හේතුවෙන් මහජනතාවට බාධා හා හිරිහැර සිදුවන බවත් ඔවුන් මහාමාර්ග හා කාර්යාල වලට ඇතුළු වීමට උත්සාහයක් ඇති බවට තොරතුරු ලැබි  ඇතැයිද දැනුම් දුන්නා.

 

 

එහෙයින් උපවාසයේ යෙදෙන ආබාධිත රණවිරුවන්ට ජනාධිපති මන්දිරය,  ආරක්ෂක  අමාත්‍යාංශය ,  ගාලුපාර, අලියගහ මන්දිරය,  ලෝටස් පාර,   ආරක්ෂක අමාත්‍යාංශය,  අගමැති කාර්යාලය සහ අගමැති ලේකම් කාර්යාලය යන ස්ථානයන්ට ඇතුළු වීම වළක්වාලමින් තහනම් නියෝගයක්  නිකුත් කරන්නැයි ඉල්ලා සිටියා.

 

 

එම ඉල්ලීම පිළිගනිමින් අදාළ නියෝගය නිකුත් කළ මහෙස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය  කඩ කරන පුද්ගලයෙක් හෝ කණ්ඩායමක්  වේ නම් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙසද නියම කළා.

 

 

මෙම තහනම් නියෝගය මහජනතාවට දර්ශනය වන අන්දමට ප්‍රදර්ශනය කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා  වැඩිදුරටත් නියම කළා.

views

655 Views

Comments

arrow-up