ප්‍රභාකරන්ගේ සන්නද්ධ අරගලයේ වරදක් නොදකින බව විග්නේෂ්වරන් කියයි

“ප්‍රභාකරන් මල්ලි වැරදි නම් එදා දමිළ නායකයෝ අනුමත කරපු වඩුකොඩෙයි යෝජනාවත් වැරදියි.”
මාධ්‍යවේදියෙකු නඟා ඇති ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ බව ප්‍රකාශ කර ඇති උතුරු පළාත් හිටපු මහඇමති, හිටපු ශ්‍රේෂ්ඨාධීකරණ විනිසුරු, නීතිඥ සී.වී. විග්නේෂ්වරන් පවසා ඇත්තේ එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ප්‍රමුඛ එල්.ටී.ටී.ඊ සංවිධානය ආයුධ සන්නද්ධ අරගලයක නිරත වීම වරදක් සේ දැකීමට තමාට නොහැකි බවයි.
මාධ්‍යවේදියා නගා ඇති ප්‍රශ්නය වන්නේ “ප්‍රභාකරන් විසින් සිදුකළ ආයුධ සන්නද්ධ අරගලය නිවැරදි ද?” යන්නයි.
ඊට පිළිතුරු දෙමින් විග්නේෂ්වරන් විසින් දී ඇති පිළිතුරේ දැක්වෙන්නේ “1976 වසරේ මැයි මස 14 දින අප පිළිගත් වඩුකෝඩෙයි යෝජනාවලියේ අවසන් වගන්තිය තුළ දෙමළ දේශයක් වෙනුවෙන් පොදු බලකිරීමක්” සිදු කර ඇති බවයි.
ඔහු පෙන්වා දී ඇත්තේ “ස්වෛරී දෙමළ ඊලමක් ලැබෙන තාක් දෙමළ තරුණයින්ට තම නිදහස වෙනුවෙන් ගෞරවනිය සටනකට එක්වන්නැයි” එම යෝජනාව තුලින් ඉල්ලා ඇති බවයි.
එම ප්‍රකාශනයේ සඳහන් “ගෞරවනීය සටනක්” යැයි දෙමළ නායකයින් හදුන්වාදුන් සටන අවිහිංසාවාදී සටනක් ද, සත්‍යග්‍රහ මගින් හෝ රාජ්‍යතාන්ත්‍රික වශයෙන් සිදුකළ යුතු සටනක් ද යන්න පැහැදිලිව අවධාරණය කර නැති බවද ඔහු වැඩිදුරටත් කියා සිටී.
එමෙන්ම “මහා භාරතයේ ආදරය දිනා ගැනීමට ක්‍රිෂ්ණා සන්නද්ධ අරගලයට නායකත්වය දුන්” බව පවසන විග්නේෂ්වරන් කියා ඇත්තේ “ක්‍රිෂ්ණා දෙවියන්ගේ ගමන ගැනද සළකා බැලිය යුතු” බවයි.
ඔහු වැඩිදුරටත් මෙසේ ද සඳහන් කර ඇත.
“ඒ නිසා ප්‍රභාකරන් මල්ලි වඩුකෝඩෙයි යෝජනාවලිය පිළිගනිමින් ආයුද සන්නද්ධ අරගලයක් ආරම්භ කිරීමේ ඇති වරද මොකක්ද? අපි අවිහිංසාවාදී අරගලයක නිරත වූ නිසාවෙන් අපට ආයුද සන්නද්ධ අරගලයක අඩුපාඩුකම් කීමට හෝ අවතක්සේරු කිරිමට කිසිම අයිතියක් නැහැ. ප්‍රභාකරන් එදා දෙමළ නායකයින්ගේ ඉල්ලීම් හා බලකිරීම් වෙනුවෙන් තමයි ක්‍රියාත්මක වුනේ. ප්‍රභාකරන් විසින් ආරම්භ කළ ආයුද සන්නද්ධ අරගලය එවක දෙමළ නායකයින්ගේ ඉල්ලීම් අනුව ගෙන ගිය සටනක් බවයි මා සිතන්නෙ. අද එය වැරදියි කියල කියන්න අපි කාටත් අයිතියක් නෑ.”
663 Views
Comments