වසර 5ක් යන තුරු ඇමතිවරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට වාහන ගෙන්වන්නේ නැහැ - සම කැබිනට් ප්‍රකාශක

කොරෝනා වසංගත තත්ත්වය හේතුකොටගෙන ඇතිවී තිබෙන ආර්ථික පරිහානිය යළි යථා තත්ත්වයට පත් කිරීම සදහා ඉදිරි වසර 05ක් යනතුරු ඇමැතිවරුන්ට හෝ රජ්‍ය නිළධාරීන්ට නව වාහන ආනයනය නතර කිරීමට කටයුතු කරන බව රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති රමේෂ් පතිරණ ප්‍රකාශ කර සිටිනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රකාශයට අනුව මැති ඇමැතිවරුන්ට වසර 03ක් යනතුරු වාහන ආනයනය කිරීම නොකරන බවට ලබා දුන් පොරොන්දුව මේ වන විටත් ක්‍රියාත්මක වන බවද ඔහු කියා සිටියා.
තවද පවතින ආර්ථික තත්ත්ව සහ රජයේ ආර්ථික කළමනාකරණ වැඩපිළිවෙළ ගැන අවධානය යොමු කරමින් එම සීමා කිරීම වසර 05ක් දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ කියා සිටියේ.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු කියා සිටියේ මේ වන විට ඇමැතිවරුන්ට වාහන ගෙන්වීමට රජය කටයුතු කරගෙන යන බවට පලවන විවිධ මාධ්‍ය වාර්තා මුළුමනින්ම සාවද්‍ය බවයි.
712 Views
Comments