පාසල් සිසුන්ට පෝෂණ මල්ලක් දෙන්න ලෝක ආහාර වැඩසටහනෙන් මිලියන 80ක්

රජය විසින් යෝජිත, පාසල් සිසුන් සඳහා පෝෂණ මල්ලක් ලබා දීමේ වැඩසටහන සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන යටතේ රුපියල් මිලියන 80 ක මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර තිබෙනවා.
එමෙන්ම, කොවිඩ්- 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රටේ මතු ව පවත්නා තත්ත්වය සැලකිල්ලට ගෙන සනීපාරක්ෂක පහසුකම් සං ව ර් ධ න ය කිරීමේ ප්‍රමුඛ අවශ්‍යතාව පවතින පාසල් 100 ක් හඳුනා ගනිමින් එම පාසල්වල සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 3ක මූල්‍යාධාර ලබාදීමට ද මේ යටතේ එකඟතාව පළ කෙරුණා.
මීට අමතරව, දේශීය ආහාර ප්‍රවර්ධන ය කිරීම සම්බන්ධව රජය විසින් යෝජිත වැඩපිළිවෙළ අනුව, සෞඛ්‍යාරක්ෂිත ආහාරපාන පාසලේ ම පිළියෙළ කර ගැනීමේ වැඩපිළිවෙළක් සැලසුම් කර, ඒ සඳහා පාසල් මුළුතැන්ගෙවල් ස්ථාපනය කිරීමට ද ලෝක ආහාර වැඩසටහන යටතේ රුපියල් මිලියන 6ක මූල්‍ය ආධාර ලබා දීමට එකඟත්වය පළවුණා.
අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ බ්‍රෙන්ඩා බාර්ටන් ( Brenda Barton)මහත්මිය ඇතුළු නියෝජිත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති විශේෂ හමුවකදී මෙම එකඟතාවන්ට එළඹිණි. අධ්‍යාපන ලේකම් එන්.එච්.එම්.චිත්‍රානන්ද, අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහත්වරු ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියා.
814 Views
Comments