මහාධිකරණ තීන්දුව අවලංගු කරන්නැයි ඉල්ලා රාජිත අභියාචනා කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
14

මහාධිකරණ තීන්දුව අවලංගු කරන්නැයි ඉල්ලා රාජිත අභියාචනා කරයි

මහාධිකරණ තීන්දුව අවලංගු කරන්නැයි ඉල්ලා රාජිත අභියාචනා කරයි

තමන්ගේ ඇප අයැදුම අවලංගු කරමින් කොළඹ මහාධිකරණය විසින් ලබාදුන් නියෝගය බල රහිත කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ නීතිඥයින් විසින් අභියාචනාධිකරණයට අද (14) පෙත්සමක් ගොනු කර තිබෙනවා.

 

ඉකුත් ජනාධිපතිවරණ සමයේදී සුදුවෑන් පිළිබඳව අසත්‍ය කරුණු ඇතුලත් මාධ්‍ය සාකච්ජාවක් පැවැත්වීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් නියෝග කරනු ලැබුවා.

 

ඒ අනුව හිටපු අමාත්‍යවරයා කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත් දෙසැම්බර් මස 30 වෙනිදා ඇප මත මුදා හරිනු ලැබුවා.

 

එලෙස ඔහුට ඇප ලබාදීම අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කරනු ලැබුවා. එම පෙත්සම විභාගයට ගත් කොළඹ මහාධිකරණය විසින් ඊයේ දිනයේදී තීන්දු කර සිටියේ හිටපු අමාත්‍යවරයාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබාදීමේදී දෝෂ සිදුව ඇති බැවින් එම ඇපය අවලංගු කරන බවයි.

 

ඒ අනුව ඉදිරි නීති ක්‍රියා මාර්ග ගැනීමට එම නඩුව යලි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙතට යොමු කිරීමටද කොළඹ මහාධිකරණය ඊයේ පියවර ගනු ලැබුවා. 

 

ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් නියෝගයක් අනුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබුවා.

views

791 Views

Comments

arrow-up