මුහුදු මහා විහාරය ඇතුළත් පුරාවිද්‍යා රක්ෂිතය ගැසට් කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
14

මුහුදු මහා විහාරය ඇතුළත් පුරාවිද්‍යා රක්ෂිතය ගැසට් කරයි

මුහුදු මහා විහාරය ඇතුළත් පුරාවිද්‍යා රක්ෂිතය ගැසට් කරයි

මුහුදු මහා විහාරය ඇතුළත් පුරාවිද්‍යා රක්ෂිතය අක්කර 30ක් අවම වශ‍ෙයන් ඇතුළත් කොට ගැසට් කිරීමට කටයුතු යොදන ලෙස පරිසර හා වනජීවී සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

 

පුරාවිද්‍යා රක්ෂිතයක් කිසිදු සොයා බැලීමකින් තොරව ජනතාව අතර බෙදා දුන් නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණ ආරම්භ කරන ලෙසත් අමාත්‍යාංශයේ දී ඊයේ (13) පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඇමැතිවරයා නියෝග කළා.

 

මේ වන විට මුහුදු මහා විහාරය ඇතුළත් පුරාවිද්‍යා රක්ෂිතයේ අක්කර 17ක් පමණ බලහත්කාරයෙන් අත්පත් කරගෙන තිබෙන අතර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කොටසකත් අනවසර පදිංචිකරුවන් රැඳී සිටින බවත් මෙම සාකච්ඡාවේ දී හෙළිදරව් වුණා.

 

1951 වර්ෂය වන විට අක්කර 72ක් ලෙස ගැසට් කරන ලද මෙම රක්ෂිතයෙන් අක්කර 11ක් ගම්මාන පුළුල් කිරීම යටතේ ජයභූමි ඔප්පු ලෙස ජනතාව අතර බෙදා දී ඇත්තේ කිසිදු සොයා බැලීමකින් තොරව බවත් මෙහිදී හෙළි විය.

 

එමෙන්ම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කොටසේ නීති විරෝධී ඉදිකිරීම් ඉවත් කිරීමට මැදිහත් වූ නිලධාරින්ට එරෙහිව පොලිසිය පරීක්ෂණ ආරම්භ කිරීම පිළිබඳවත් සොයා බලන ලෙස ඇමැතිවරයා උපදෙස් දුන්නා.

 

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා ඇතුළු පිරිසක් මේ සාකච්ඡාවට එක්ව සිටියා.

views

660 Views

Comments

arrow-up