නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණෙන් නව සන්ධානයක් - ලකුණ පොහොට්ටුවමයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
17

නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණෙන් නව සන්ධානයක් - ලකුණ පොහොට්ටුවමයි

නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණෙන් නව සන්ධානයක් - ලකුණ පොහොට්ටුවමයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නායකත්වයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ සභාපතිධූරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්වී සිටිනවා.

 

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නව සන්ධානයේ ලේකම්වරයායි.

 

ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජාතික සංවිධායකවරුන් ලෙස නම් කර තිබෙනවා.

 

ශ්‍රී ලංකා නිදහස් සන්ධානයේ ලාංඡනය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලාංඡනය වන පොහොට්ටුව ම තෝරාගෙන තිබීම විශේෂත්වයක්.

 

සන්ධානය මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි කිරීම සඳහා අද දිනයේ ලිපි ලේඛන භාරදුන් බව නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා කියා සිටියා.

views

1140 Views

Comments

arrow-up