කොරෝනා මරණ 1000 ඉක්මවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
11

කොරෝනා මරණ 1000 ඉක්මවයි

කොරෝනා මරණ 1000 ඉක්මවයි

කොරෝනා වෛරසය ආසාදනයෙන් චීනයේ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව දහස ඉක්මවා තිබේ.

 


ඒ ඊයේ චීනයෙන් තවත් මරණ 108 ක් වාර්තා වීමෙන් පසු වෛරසයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 1016 ක් දක්වා ඉහළ යාමෙන් පසුවයි.
මේ හමුවේ චීනයෙන් පිටත කොරෝනා වෛරසයේ පැතිරීම, ටිප් ඔෆ් ද අයිස්බර්ග් හෙවත් ජලයේ සැඟව පවතින විශාල අයිස් කුට්ටියක මතුපිට කුඩා කොටසට පමණක් සම කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගත්තේ ය.

 


ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ, මෙය විශාල ගින්නක් බවට පත්විය හැකි කුඩා ගිනි පුපුරක් පමණක් බවයි .

 


වසංගතය පාලනයෙන් ගිලිහීමට පෙර මනුෂ්‍ය වර්ගයා කඩිනම් පියවර ගත යුතු බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් අවධාරණය කළේ ය.

 


ඊයේ දින චීනයේ කොරෝනා වෛරසය අලුතින් ආසාදනයවූවන් 2097 ක් වාර්තා වූ අතර මේ වනවිට චීනයේ වෛරසය ආසාදනය වූවන් සමස්තය 42000 ඉක්මවා ගොස් තිබේ.

 

views

711 Views

Comments

arrow-up