විශ්ව විද්‍යාල ඇතුළු සමස්ත අධ්‍යාපන ක්‍රමයේ පෙරළියක් කිරීමට ජනපතිගෙන් උපදෙස්

කෘෂි කර්මාන්ත, සංචාරක ක්ෂේත්‍රය, වැවිලි සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයන්හි රැකියා අවස්ථා පුළුල් කරමින් ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් සඳහා ඉවහල්වන පරිදි අධ්‍යාපන ක්‍රමය පරිවර්තනය කළ යුතු බවත් ජනාධිපතිවරයා මෙහි දී ප්‍රකාශ කර ඇත.
එමෙන්ම උසස් පෙළ සමත් දරුවන්ට තෘතියික අධ්‍යාපනය ලබා දීමත් කලා උපාධි පාඨමාලා සමඟ තොරතුරු තාක්ෂණය සහ අන්තර්ජාතික භාෂාවක් අධ්‍යයනය කිරීම අනිවාර්ය කිරීමත් මඟින් ඉදිරි වසර තුනක් ඇතුළත් නව රැකියා වෙළඳපොළක් සඳහා සිසුන් කඩිනමින් සූදානම් කරන වැඩපිළිවෙල සකස් කරන ලේස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විශ්වවිද්‍යාල තුළ පරිපාලනයට පමණක් සීමා නොවී සමස්ත අධ්‍යාපන ක්‍රමය පිළිබඳව සොයා බැලිය යුතු ආයතනයක් බව ජනාධිපතිවරයා සඳහන් කළේය. තව ද කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නීතිය හදාරන ශිෂයන්ට නීති විද්‍යාලය විසින් පනවා ඇති රෙගුලාසි ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ද දැනුම් දුන්නේය.
‘‘පාඨමාලා අනුව සිසුන් බඳවා ගැනීමේ අයිතිය විශ්වවිද්‍යාලවලට තිබෙන්න ඕන. නව විශ්වවිද්‍යාල බිහි කිරීම සහ පවතින අඩුපාඩු විසඳීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කාර්යයක්. නව පාඨමාලා සඳහා සිසුන් යොමු කිරීමේ මාර්ගෝපදේශනයට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව වැනි පරිශ්‍ර යොදා ගන්න අධ්‍යාපන අමාත්‍යාංශයට පිළිවන්’’ යැයිද ජනාධිපතිවරයා පැවැසීය.
තොරතුරු තාක්ෂණය සමඟ බද්ධ වූ අනාගත පරපුරක් ගොඩනැඟීම වෙනුවෙන් විශාල අවධානයක් යොමු කරන ජනාධිපතිවරයා මෙහිදී සෑම විශ්වවිද්‍යාල සිසුවකුටම සිය අධ්‍යයන කටයුතු සහ පර්යේෂණයන් පහසුවෙන් කරගැනීම සඳහා අන්තර්ජාල පහසුකම් පුළුල් කිරීමට කටයුතු කරන ලෙසද දැනුම් දෙන ලදී.
670 Views
Comments