බදියුදීන් සැඟවු ඔප්පු 227ක් සොයා ගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
11

බදියුදීන් සැඟවු ඔප්පු 227ක් සොයා ගනී

බදියුදීන් සැඟවු ඔප්පු 227ක් සොයා ගනී

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද තොරතුරක් මත පුද්ගලයෙකුගේ නිවසක් පරික්ෂා කිරීමේදී  රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා විවිධ පුද්ගලයන්ගේ නම්වලින් ලබා ගත් ඔප්පුවල පිටපත් 227ක්  හමු වී තිබෙන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසුවේය.

 


එම ඔප්පු පිටපත් 227ට අමතරව තවත් ඔප්පු මුල් පිටපත් 08 ක් සොයා ගෙන ඇති බවයි අමාත්‍යවරයා කියාසිටියේ. 

 


ඊට අමතරව සතොස ආයතනය හරහා සිදුකළ තිබෙන නීත්‍යානුකූල නොවන ගණුදෙනු සම්බන්ධ ලිපි ලේඛන රැසක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතින බව හෙතෙම පැවසුවේය. 

 


දින 52 ආණ්ඩුව සමයේ රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ ඇමරිකාවේ පවතින ගිණුමකට ඇමරිකානු ඩොලර් ලක්ෂයක් ගොස් ඇති අතර ඒවා සම්බන්ධයෙන්ද පරීක්ෂණ කළ යුතු බව විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

 

views

646 Views

Comments

arrow-up