ඉන්දු – පැසිපික් කලාපයේ වටිනාම භූමිය ශ්‍රී ලංකාවයි - ඇමරිකාව
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
10

ඉන්දු – පැසිපික් කලාපයේ වටිනාම භූමිය ශ්‍රී ලංකාවයි - ඇමරිකාව

ඉන්දු – පැසිපික් කලාපයේ වටිනාම භූමිය ශ්‍රී ලංකාවයි -  ඇමරිකාව

ඉන්දු – පැසිපික් කලාපයේ ඇති වැදගත්ම දේපළ ශ‍්‍රී ලංකාව සතු බව ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් වොෂින්ටන් නුවරදී ප‍්‍රකාශ කර ඇත.

 


මේ බව දැක්වෙන ජනපති ට‍්‍රම්ප්ගේ ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ඉදිරිපත් කළ බවද ඇලිස් වෙල්ස් තවදුරටත් සඳහන් කර තිබේ.

 


ජනපති ට‍්‍රම්ප් ශ‍්‍රී ලංකා ජනපතිට ලිපියක් එවූ බව පසුගිය දින වල මාධ්‍ය හරහා ප්‍රචාරය විය.
ප‍්‍රතිසංස්කරණ මාවතේ ගමන් කරන ශ‍්‍රී ලංකාව සමග අඛණ්ඩව කටයුතු කිරීමට ඇමරිකාව සූදානම් බවත් ඒ සඳහා ඇමරිකාව ලබාදෙන වටිනාකම ට‍්‍රම්ප්ගේ ලිපියේ දක්වා ඇති බවත් සහකාර රාජ්‍ය ලේකම්වරිය වැඩිදුරටත් හෙළිකර තිබේ.

 


ඇලිස් වෙල්ස් වොෂින්ටන් නුවරදී පැවසුවේ ඉන්දු පැසිපික් කලාපයේ උපාය මාර්ගික කේන්ද්‍රස්ථානය ලෙස ශ‍්‍රී ලංකාව වැදගත් වන බවයි.

 

views

811 Views

Comments

arrow-up