ලකුණ සම්බන්ධයෙන් තවමත් එකඟතාවයක් නැහැ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
04

ලකුණ සම්බන්ධයෙන් තවමත් එකඟතාවයක් නැහැ

ලකුණ සම්බන්ධයෙන් තවමත් එකඟතාවයක් නැහැ

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර, පුළුල් සන්ධානයක් ගොඩනැගීමේදී ජනාධිපතිවරණයට භාවිත කරන ලාංඡනය පිළිබඳ සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වී තිබෙනවා.

 

ලාංඡනය වෙනස් කිරීම පිළිබඳව ඊයේ (03දා) රාත්‍රී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබුණු අතර, එය එකඟතාවකින් තොරව අවසන් වුවත්, පුළුල් සන්ධානයක් ගොඩනැගීම පිළිබඳව යම් යම් එකඟතාවන්වලට පැමිණි බවයි වාර්තා වන්නේ.

 

මේ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිර ජයසේකර මහතා සඳහන් කළේ ලාංඡනය පිළිබඳව අවසන් තීරණයක් සාකච්ඡාවලදී පැමිණීමට නොහැකි වූ බවයි.

views

573 Views

Comments

arrow-up