ශෆිගේ මුලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම ලබන ජනවාරි මස 24
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
27

ශෆිගේ මුලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම ලබන ජනවාරි මස 24

ශෆිගේ මුලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම ලබන ජනවාරි මස 24

රහස් පොලීසිය විසින් තමා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම නීති විරෝධී බවත් එමඟින් සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවත් ප්‍රකාශකරමින් කුරුණෑගල මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය ෂාෆි සිහාබ්දීන් විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම ලබන ජනවාරි මස 24 වැනිදා දක්වා කල් තබා තිබේ.

 

අදාල පෙත්සම අද(27) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් ඉදිරියේ කැඳවු තිබූ අතර එහිදී රජයේ නීතීඥවරයා සඳහන් කර ඇත්තේ නඩුවට අදාල වාර්තා කිහිපයක් ඉදිරිපත් කිරීමට කල් ලබාදෙන ලෙසය.

 

ඒ අනුව අදාල පෙත්සම ජනවාරි මස 24 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

 

අයතා වත්කම් ඉපයීම, මව්වරුන් වඳ භාවයට පත් කිරීම සහ ත්‍රස්ත සංවිධානවලට උපකාර කිරීම යන කරුණු සම්බන්ධව එල්ලවූ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබිණි.

views

645 Views

Comments

arrow-up