ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය අද

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයට අදාළ තැපැල් ඡන්ද විමසීම අද පැවැත්වෙනවා.
ගාල්ල දිස්ත්‍රික් තේරම් භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතා සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් බව යි.
ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව 1,192 ක් බව ද ගාල්ල දිස්ත්‍රික් තේරම් භාර නිලධාරීවරයා සඳහන් කළා.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
605 Views
Comments