මිනුවන්ගොඩ පොකුරේ තවත් ආශ්‍රිතයින් 60කට කාෙරෝනා - සමස්ත පොකුර 2222 දක්වා ඉහළට

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 60දෙනෙකු හදුනාගත් බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේය මෙම ආසාදිතයින් මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන බවයි.
ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරේන් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 2222 දක්වා ඉහළ ගොස් ඇත.
මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 5685ක් වේ.
ඉන් ආසාදිතයින් 2215දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර, පුද්ගලයින් 3457දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
757 Views
Comments