බැංකු ණය පොළිය සියයට 7 දක්වා අඩු කිරීමට රජය සුදානම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
07

බැංකු ණය පොළිය සියයට 7 දක්වා අඩු කිරීමට රජය සුදානම්

බැංකු ණය පොළිය සියයට 7 දක්වා අඩු කිරීමට රජය සුදානම්

ඉදිරි කාලයේ දී ආර්ථිකය යථා තත්ත්වයට පත් වූ වහාම බැංකු ණය පොළිය සියයට 7 දක්වා අඩුකිරීම තම රජයේ අරමුණ වී ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධණ මහතා පවසනවා.

 

පසුගිය දා කොළඹ දී ව්‍යාපාරිකයින් පිරිසක් අමතමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළා.

 

“දැන් බැංකු පොළියත් අඩු කරලා තියෙනවා. පසුගිය කාලේ බිස්නස් කරලා අවුරුද්ද ඉවර වුණාම තමයි දන්නේ පාඩුයි කියලා. යහපාලන ආණ්ඩුව කාලයේ සියයට 28යි පොළී අනුපාතය . සියයට 25ට 20ට පොළියට අරන් ගොඩගිය රටක් මම දන්න ලෝකේ නැහැ. Double digit interest rate. බැංකුවට ගෙවපු ගාණ අවුරුද්ද අන්තිමට බලන හන්දා හොඳයි. ගිණුම බලන කොට තමයි තේරෙන්නේ, බිස්නස් එක ඉවරයි, බැංකුව තමයි පොහොසත් වෙලා තියෙන්නේ. ඒ නිසා ඉලක්කම් දෙකේ පොළියට බිස්නස් කරන්න බැහැ.“

 

“Single digit interest rate lending. තනි ඉලක්කමේ පොළිය දැන් තියෙන්නේ. අපේ අරමුණ තමයි ආර්ථිකය හැදුණ ගමන්, ඉදිරි කාලය තුළ දී සියයට 7 පොළියට ණය දෙන්න. ණය දෙන කොට තනි ඉලක්කමේ පොළියක් තමයි සිංගප්පූරුව, මැලේසියාව, එංගලන්තය, ඇමෙරිකාව, මේ සියලූම රටවල්වල තියෙන්නේ තනි ඉලක්කමේ පොළිය. ව්‍යාපාර බැංකු එක්ක කරලා ගොඩයන්න බැරි මේ පොළී අනුපාතය විශාල ලෙස ඉහළ යාම නිසා. ඒ නිසා දැන් පොළිය පහළට ගෙනල්ලා තියෙනවා.“

views

1092 Views

Comments

arrow-up