රටේ සියලු මාර්ග ප්‍රතිසංස්කරණයට ජනපති නිශ්චිත කාලයක් දෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
01

රටේ සියලු මාර්ග ප්‍රතිසංස්කරණයට ජනපති නිශ්චිත කාලයක් දෙයි

රටේ සියලු මාර්ග ප්‍රතිසංස්කරණයට ජනපති නිශ්චිත කාලයක් දෙයි

රටේ සියළු මාර්ග ඉදිරි වසර 4 ක් තුළ ප‍්‍රතිසංස්කරණය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා සදහන් කළේ දිවයිනේ සියළු දිස්ති‍්‍රක්කවල තත්ත්වය සමාලෝචනයටත්, පවතින ගැටළුවලට කඩිනමින් විසදුම් ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමටත් පියවර ගන්නා බවයි.

 

දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගේ කාර්ය භාරය සහ වගකීම පිළිබද දැනුවත් කිරීමට ජනාධිපති කාර්යාලයේ ඊයේ (31) පස්වරුවේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. 

 

දිස්ති‍්‍රක්ක රැසක ජනතාව මුහුණදී සිටින ගැටළුවලට විසදුම් ලබාදෙමින් ජාතික ආර්ථිකයක් ගොඩනැගීමට සකී‍්‍රයව දායක වන්නැයි ජනාධිපතිවරයා දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගෙන් මෙහිදී ඉල්ලීමක්ද සිදුකළා.

 

2015 දක්වා රජය කි‍්‍රයාත්මක කළ සංවර්ධන වැඩසටහන් කිහිපයක වැඩ කටයුතු මේ වනවිට නතර වී තිබෙනවා. ඉදිරි අයවැයෙන් මුදල් වෙන් කර එලෙස ඇණහිට ඇති ඉදිකිරීම් සියල්ලෙහි වැඩ අවසන් කළ යුතු බවයි මෙම සාකච්ඡාවට එක් වූ ආර්ථික පුනර්ජීවනය පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ ප‍්‍රධානී බැසිල් රාජපක්‍ෂ කියාසිිටියේ.

 

views

741 Views

Comments

arrow-up