ඇමරිකානු ආරක්ෂක ලේකම්ගෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඇමතුමක්.
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
31

ඇමරිකානු ආරක්ෂක ලේකම්ගෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඇමතුමක්.

ඇමරිකානු ආරක්ෂක ලේකම්ගෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඇමතුමක්.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම්, ආචාර්ය මාර්ක් ටී. එස්පර් මහතා ඊයේ දිනයේ දී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුරකථනයෙන් අමතා ඇති බව එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව සදහන් කරයි.

 

සංවාදය අතරතුර ද එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා, කොරෝනා වසංගතය සාර්ථකව මර්දනය කිරීමට සමත්වීම සම්බන්ධයෙන් හා පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සුබ පතා තිබේ.

 

ඊට අමතරව, ජාතීන් අතර සංහිදියාව පවත්වාගෙන යෑමේත්, මානව හිමිකම් ආරක්ෂා කිරීමේත් වැදගත් කම පිළිබදවද එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා අදහස් දක්වා තිබේ.

 

සියළු ජාතීන්ගේ ස්වෛරීත්වය සහතික කරන, නිදහස් සහ විවෘත ඉන්දු පැසිපික් කලාපයක් දෙරටම දරන කැපවීම පිළිබදව ද නායකයන් දෙපොළ අදහස් හුවමාරු කරගෙන ඇත.

 

ගෝලීය ත්‍රස්තවාදයට එරෙහිව ගෙන යන සටන, ආරක්ෂක සහයෝගීතාවය සහ සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් ද ඔවුන් සිය අවධානය යොමු කර තිබේ.

 

 

views

807 Views

Comments

arrow-up