අවදානම නොසලකමින් දංකොටුවේ දේවස්ථානයක දේවමෙහෙයක් – පිරිස පොලිස් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
05

අවදානම නොසලකමින් දංකොටුවේ දේවස්ථානයක දේවමෙහෙයක් – පිරිස පොලිස් අත්අඩංගුවට

අවදානම නොසලකමින් දංකොටුවේ දේවස්ථානයක දේවමෙහෙයක් – පිරිස පොලිස් අත්අඩංගුවට

දිවයිනටම ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවේ පුත්තලම් දිස්ත‍්‍රික්කයේ දංකොටුව – මෝරුක්කුලිය ප‍්‍රදේශයේ අපෝස්තලික දේවසභාවට අයත් දේවස්ථානයක අද (04) දහවල් දේවමෙහෙයක් පවත්වමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගත් බව දංකොටුව පොලීසිය කියයි.

 

දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සහ දංකොටුව පොලීසිය එක්ව සිදුකළ මෙම වැටලීමේදී  සෞඛ්‍ය අංශ සහ පොලීසිය විසින් ලබාදීඇති උපදෙස් උල්ලංඝනය කරමින් මෙම පිරිස දේවමෙහෙය පවත්වමින් සිටි බවද දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

 

අත්අඩංගුවට ගත් අය මෝරුක්කුලිය ප‍්‍රදේශයේම පදංචි එකම පවුලේ ඥාතීහු පිරිසක් වෙති.

 

අත් අඩංගුවට ගත් පිරිස මාරවිල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

views

911 Views

Comments

arrow-up