ගුවනින් පැමිණීමේ තහනම දීර්ඝ කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
29

ගුවනින් පැමිණීමේ තහනම දීර්ඝ කරයි

ගුවනින් පැමිණීමේ තහනම දීර්ඝ කරයි

ශ්‍රී ලංකාවට ගුවන් මගීන් රැගෙන පැමිණෙන සියලුම මගී ගුවන් යානා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණිමට පනවා තිබූ තහනම අප්‍රේල් මස 07 වැනිදා තෙක් දීර්ඝ කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ .


 
මෙම ගුවන් ගමන් තහනම මේ මස එනම් මාර්තු මස 31 දා අවසන් වීමට නියමිතව තිබුණි .ශ්‍රී ලංකාව තුළ පවතින වර්තමාන තත්වය සැලකිල්ලට ගනිමින් සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙම තීරණයට එළඹී තිබේ .

 

එහෙත් වෙනත් රටවල් කරා   පිටත්ව   යෑමේ අදහසින් ගුවන් තොටුපළ වෙත සංක්‍රමණික ගුවන් මගීන් රැගෙන පැමිණෙන ගුවන් යානා වලටත් , හදිසි අවශ්‍යතා මත (Emergency Landing ) ගොඩබස්වනු ලබන ගුවන් යානා වලටත් , කාර්මික දෝශ නිසා ( Technical Landing ) ගොඩබස්වනු ලබන ගුවන් යානා වලටත් , ආහාර සහ ඉන්ධන ලබා ගැනීම සදහා ගොඩබස්වනු ලබන ගුවන් යානා වලටත් , මගීන් රහිතව පැමිණෙන ගුවන් යානා වලටත් තවදුරටත් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘතව පවතී .

views

634 Views

Comments

arrow-up