කොරෝනා පැතිරයාම වැළැක්වීමට ගම්මාන තුනක් Lockdown කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
29

කොරෝනා පැතිරයාම වැළැක්වීමට ගම්මාන තුනක් Lockdown කරයි

කොරෝනා පැතිරයාම වැළැක්වීමට ගම්මාන තුනක් Lockdown කරයි

කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා මේ වන විට ගම්මාන තුනක් මුද්‍රා තබා තිබෙනවා. බණ්ඩාරගම අටළුගම, මහනුවර අකුරණ සහ පුත්තලම කඩයම්කුලම යන ප්‍රදේශයි මෙලෙස මුද්‍ර තබා තිබෙන්නේ.

 

බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා වෛරසය අසාදනය වූ බවට තහවුරු වීමත් සමඟ එම ගම්මානයට පිවිසෙන සියලු ප්‍රවේශ මාර්ග අවහිර කර මුද්‍රා තැබීමට පියවර ගැනුණා.

 

අටළුගම ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිතයාගේ සහෝදරිය සහ පියාට රෝග ලක්ෂණ ඇතිවීම හේතුවෙන් ඔවුන් රෝහල්ගත කිරීමට ද පියවර ගැනුණා.

 

එමෙන්ම මහනුරව අකුරණ සහ පුත්තලම කඩයම්කුලම යන ගම්මාන දෙකෙහි කොරෝනා වෛරසය ආසාදිත බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු හමුවීමත් සමඟ එම ගම්මාන දෙක ද මුද්‍රා තැබීමට පියවර ගැනුණා.

 

විදෙස් ගතව සිට පැමිණ නිරෝධායන කටයුතු සඳහා ලියාපදිංචි නොවූ පුද්ගලයන් එම ප්‍රදේශවල රැඳී සිටි බවද හෙළි වී තිබෙනවා.

 

මේ අතර තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 115 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

රෝගීන් 9 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇති අතර අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියෙකු ඊයේ දිනයේදී ජීවිතක්ෂයට පත්වුණා.

 

මාරවිල ප්‍ර දේශයේ පදිංචි කරුවෙකු වන ඔහුට වකුගඩු බද්ධ කිරීමක් ද සිදුකර ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළා.

 

views

558 Views

Comments

arrow-up