අත්‍යවශ්‍ය හේතුවක් මත හැරෙන්න නාගොඩ රෝහලට එන්න එපා !

පවතින වත්මන් තත්ත්වය හමුවේ කළුතර නාගොඩ රෝහල වෙත වෙනත් බාහිර අසනීප සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණීම හැකිතාක් සීමාකරන ලෙස කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල මහතා අළුත්ගම, බේරුවල සහ දර්ගා නගරවාසීන්ගෙන් ඉල්ලා සිටී.
වෙනත් බාහිර රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබාගැනීමට තමන්ට ආසන්නතම ග්‍රාමීය රෝහල කරා යන ලෙසත් තමර කළුබෝවිල මහතා ඉල්ලා සිටින අතර, කළුතර නාගොඩ රෝහලෙහි අනවශ්‍ය තදබදයක් ඇතිවීම වැළැක්වීම මෙම ඉල්ලීම සිදුකිරීමට හේතු වී ඇත.
තවද, රෝහල්ගතව සිටින රෝගීන් බැලීමට යාමේදී එම සංඛ්‍යාව එක් පුද්ගලයෙකුට සීමා කරන ලෙසත්, රෝහලට ගොස් නැවත නිවෙස් කරා ගිය පසු තමන් පැළඳි සෙරෙප්පු සහ සපත්තු වල අඩිය සෝදා පිරිසිදු කරන ලෙසටත් කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂවරයා කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඉල්ලා සිටින අතර, හැකිතාක් රජය විසින් ලබාදෙන සෞඛ්‍ය පුරුදු උපරිමයෙන් පිළිපදින ලෙසත් ඉල්ලා සිටී.
755 Views
Comments