අකුරණ කොරෝනා රෝගියා ඇසුරු කළ අය සොයා විමර්ශන
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
29

අකුරණ කොරෝනා රෝගියා ඇසුරු කළ අය සොයා විමර්ශන

අකුරණ කොරෝනා රෝගියා ඇසුරු කළ අය සොයා විමර්ශන

මධ්‍යම පළාතේ පළමු කොරෝනා වයිරස් ආසාදිත පුද්ගලයා මහනුවර , අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමු වීමත් සමඟ  එම ගම්මානය ඇතුළුව අකුරණ තෙළඹුගහවත්ත සහ  අවට ප්‍රදේශ සම්පූර්ණයෙන්ම  වසා දමා ඔහු ඇසුරු කළ පුද්ගලයින් සෙවීම මේ වන විට අරඹා තිබේ.

 

ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ එක්ව මෙම විශේෂ මෙහෙයුම් කටයුතු සිදු කරන අතර , වයිරසය ආසාදිත පුද්ගලයාගේ පවුලේ ඥාතීන් සහ අසල්වාසීන්ද නීරෝධායනට ලක් කිරීමට පියවර ගෙන ඇත.


 
මෙම ගම්මානය තුලට සහඅවට කිසිදු වාහනයකට ඇතුළු වීමට ඉඩ ලබා නොදෙන අතර ආරක්ෂක අංශ මගින් ප්‍රදේශයේආරක්ෂාවද තර කර තිබේ.

views

596 Views

Comments

arrow-up