කොරෝනා ප්‍රවාහන ප්‍රතිපත්තියෙන් බස් ගාස්තු 20% - 50% අතර ප්‍රතිශතයකින් වැඩිවීමට නියමිතයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
09

කොරෝනා ප්‍රවාහන ප්‍රතිපත්තියෙන් බස් ගාස්තු 20% - 50% අතර ප්‍රතිශතයකින් වැඩිවීමට නියමිතයි

කොරෝනා ප්‍රවාහන ප්‍රතිපත්තියෙන්  බස් ගාස්තු 20% - 50% අතර ප්‍රතිශතයකින් වැඩිවීමට නියමිතයි

ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ‘කොරෝනා ප්‍රවාහන ප්‍රතිපත්තිය’ නමින් සකසා ඇති නව නීති අනුව මගී ප‍්‍රවාහන ගාස්තු සියයට විස්සේ සිට සියයට පනහ දක්වා වැඩි වීමට නියමිත බව වාර්තා වේ.

 

එම ප‍්‍රතිපත්තිය අනුව ක‍්‍රමවේද තුනක් යටතේ කාණ්ඩ කර ඇති බස් ගාස්තු වැඩිවීම ආසන ගණනට පමණක් මගීන් ගෙන යන්නේ නම් 20%කින් ද ආසනයක් හැර ආසනයක් ලෙස මගීන් ගෙන යන්නේ නම් 50%කින් ද ලෙස ගාස්තු ඉහළ දැමීමට යෝජනා කර තිබෙන බව වාර්තා වේ.

 

මාධ්‍යට ප්‍රකාශයක් කරමින් ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලූම් අමුණුගම මහතා පවසා සිටියේ පවතින කොරෝනා වසංගතය මත මගී ප්‍රවාහන කටයුතු සිදුකළ යුතු ආකාරය දැක්වෙන ‘කොවිඩ් ප‍්‍රවාහන ප්‍රතිපත්තියක්’ එළිදක්වන බවත් එහිදී ගාස්තු සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇති බවත් ය.

 

ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලූම් අමුණුගම මහතාට අනුව ‘කොරෝනා ප්‍රවාහන ප්‍රතිපත්තිය’ හෙට (10 වැනිදා) එළි දක්වන බව ද හෙතෙම පැවසීය.

 

 

views

732 Views

Comments

arrow-up