විවෘත කර දින තුනයි - යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල මඩ වගුරක්

යාපනයට මේ දිනවල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් පසුගිය දා ජාත්‍යන්තර ගුවන්තොටුපළක් වශයෙන් විවෘත වූ යාපනය පලාලි ගුවන්තොටුපලේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වී තිබෙනවා. නැවත පිළිසකර කරන ලද ගොඩනැගිලි පිහිටි ස්ථාන කිහිපයක් හා මාර්ගයේ ස්ථාන කිහිපයක් යටවී ඇති අයුරු දක්නට ලැබුණා.
කෙසේ වෙතත් වර්ෂාවෙන් හෝ වැසි ජලයෙන් යටවීම හේතුවෙන් ධාවන පථයට හෝ ගුවන්තොටුපලේ කිසිදු ස්ථානයකට හානියක් සිදු වී නොමැති බවත් වර්ෂාව පහව ගිය පසු වැසි ජලය අඩුවී සාමාන්‍ය අතට පත්වන බවටයි ගුවන්තොටුපලේ බලධාරීන් පවසා සිටියේ.
පසුගිය 17දා යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත වූ අතර ගුවන් තොටුපළ විවෘත කිරීම සංකේතවත් කරමින් ඉන්දියන් එලායන්ස් ගුවන් සේවයට අයත් යානාවක්ද එදින පලාලි ගුවන්තොටුපල වෙත පැමිණියා.
යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධනය සඳහා ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 2250 ක් වන අතර ඉන් රුපියල් මිලියන 1,950ක් ශ්‍රී ලංකා රජය අයෝජනයකර ඇති අතර ඉන්දීය ආධාර රුපියල් මිලියන 300ක් ද ඒ සඳහා ආයෝජනය කර තිබෙනවා.
යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දෛනික ගුවන් මෙහෙයුම් කටයුතු නොවැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමටයි රජය විසින් සැලසුම් කර තිබෙන්නේ.
සමාජමාධ්‍ය ඔස්සේද මේ පිළිබද කතාබහක් ඇතිව තිබෙනවා.
697 Views
Comments