කොරෝනා රෝගීන් සිටින රටවල් අතරින් ලංකාව 99 වන ස්ථානයට

මෙරට සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 17,674ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා වැඩිම කොරෝනා රෝගීන් වාර්තාවන රටවල් අතරින් ශ්‍රී ලංකාව 99 වන ස්ථානය දක්වා ඉදිරියට පැමින තිබෙනවා
ඒ ඊයේ (16) දිනයේ දී වාර්තා වු නව ආසාදිතයින් 382ක් සමගින් ය.
කෙසේවෙතත් ඊයේ දිනයේ වාර්තා වු නව ආසාදිතයින්ගෙන් 231ක් දෙනෙක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් 42ක් හා කළුතරින් 20ක් ලෙස ද ඊයේ ආසාදිතයින් වාර්තා වී ඇත.
මේ අතර, පොලීසියෙන් නව ආසාදිතයින් 8ක්,
පොලිස් විශේෂ කාර්ය බලකායෙන් 5ක්,
බෝගම්බර බන්ධනාගාරයෙන් 51ක් හා වැලිකඩ බන්ධනාගාරයෙන් එක් ආසාදිතයෙක් ද ඊයේ දිනයේ වාර්තා වී තිබේ.
ඒ අනුව පසුගිය ඔක්තෝබර් 4 වන දින සිට අද දක්වා කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 5,899ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වැඩිම කොරෝනා රෝගීන් වාර්තාවන රටවල් අතරින් ශ්‍රී ලංකාව 99 වන ස්ථානය දක්වා ඉදිරියට පැමින තිබෙනවා
656 Views
Comments