කොවිඩ් - 19 වසංගත හමුවේ මගී බස්රථ හිමියන්ට සහන රැසක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
10

කොවිඩ් - 19 වසංගත හමුවේ මගී බස්රථ හිමියන්ට සහන රැසක්

කොවිඩ් - 19 වසංගත හමුවේ මගී බස්රථ හිමියන්ට සහන රැසක්

කොවිඩ් - 19 වසංගත තත්ත්වය හමුවේ අන්තර් පළාත් මගී බස්රථ ධාවන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා බස් ධාවකයින්ට සහන ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

 

ඒ අනුව, බස් ධාවකයින්ගෙන් අය කරනු ලබන පහත සඳහන් ගාස්තු 2020 මාර්තු මාසයේ සිට නිදහස් කිරීමට තීරණය කර ඇත.

 

* අවසර පත්‍ර යාවත්කාලීන කිරීමේ ගාස්තු

* ප්‍රමාද ගාස්තු

* ටෙන්ඩර් ගාස්තු

* ලොග් පත්‍ර ගාස්තු

* පිවිසුම් පත්‍ර ගාස්තු

* අධිවේගී මාර්ගයන්හි තාවකාලික අවසර පත්‍ර ගාස්තු

 

ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගෙන මෙම වර්ෂයේ අවසානය දක්වා තවදුරටත් එම සහනයන් බස්රථ ධාවකයින්ට ලබාදීමට ඒ අනුව අනුමැතිය හිමිව ඇත.

 

 

views

712 Views

Comments

arrow-up