බන්ධනාගාර තුල කොරෝනා පොකුරක් බිහිවීමේ අවධානමක්

මෙරට බන්ධනාගාර තුළ තවත් කොවිඞ් පොකුරක් බිහිවීමේ අවධානමක් මතුව තිබෙනවා.
බන්ධනාගාර තුළ අඩු පහසුකම් මධ්‍යයේ සීමිත ඉඩක වැඩි පිරිසක් රඳවා සිටීම මෙම තත්ත්වයට හේතුවයි. කෙසේවෙතත්, බන්ධනාගාර ආශි‍්‍රතව හටගෙන ඇති අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට දැඩි පියවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.
බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක පැවසුවේ බන්ධනාගාර වෙත රැඳවියන් මාරු කිරීම මේවනවිට සම්පූර්ණයෙන්ම නතර කර ඇති බවයි. බන්ධනාගාර තුළට කොරෝනා වෛරසය පැමිණීම සම්බන්ධයෙන් තවදුරටත් සොයා බලමින් සිටිනවා.
බන්ධනාගාර ආශි‍්‍රතව වැඩි වශයෙන් වාර්තා වන්නේ කොරෝනා ආසාදිත කාන්තා රැඳවියන් බව ද මෙහිදී පැහැදිළි කෙරුණා. මේවනවිට බන්ධනාගාර ආශ‍්‍රිතව ආසාදිතයින් 109 දෙනෙකු වාර්තා වනවා. ඔවුන් වාර්තා වන්නේ වැලිකඩ හා බෝගම්බර පැරණි බන්ධානාගාරයෙන්.
ඒ අතරින් ද 99 දෙනෙකු වාර්තා වන්නේ වැලිකඩ බන්ධනාගාරයෙන් වීම විශේෂත්වයක්. තවදුරටත් බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වුවහොත් බන්ධනාගාර රෝහල කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාමට ද තීරණය කර තිබෙනවා.
මේ අතර දැනට රිමාන්ඞ් බන්ධනාගාර ගත ඇප ලබාදිය හැකි සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙසත්, අනෙක් සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කරන ලෙසත්, නීතිපතිවරයා විසින් දැනටමත් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා
769 Views
Comments