රණවිරුවන්ගේ ගැටලු දේශපාලන පොරොන්දු කරගන්න එපා

ආබාධිත හා දිවිපිදූ රණවිරුවන්ගේ වැටුප් ගැටලුවට විසඳුම් ලබා නොදීම හේතුවෙන් අබාධිත රණවිරුවන් තවමත් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට සත්‍යග‍්‍රහයක නිරතවනවා.
එම සංගමයේ කැඳවුම්කරු නිශාන්ත මහිරාජ් මහතා පවසා සිටියේ ආබාධිත රණවිරුවන්ට හා දිවිපිදූ රණවිරුවන්ට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමේදී වැටුප නවතා දැමීම හේතුවෙන් ආබාධිත රණවිරුවන්ට හා දිවිපිදූ රණවිරුවන්ගේ යැපෙන්නන්ට දැඩි අසාධාරණයක් සිදුවන සිදුවන බවයි.
රණවිරුවන්ගේ ගැටළුව විසදීම සඳහා මෙතෙක් ස්ථිර කි‍්‍රයාමාර්ගයක් ගෙන නොමැති බවටයි රණවිරු වෘත්තීය සමිති පවසන්නේ.
එහෙත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස කැබිනට් හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සඳහන් කළේ "ඒ අයට විසඳුමක් ලබා දීම ගැන.. ජනාධිපතිතුමා කැබිනට් පත්‍රිකාවක් දැම්මා. ඒක අනුමත වුණා. ඒ කටයුතු සිදු වෙන්න එච්චර කල් යන එකක් නෑ" යනුවෙන්.
රණවිරු අයිතිවාසිකම් සුරකිමේ ජාතික බලවේගයේ සභාපති කෝප‍්‍රල් යූ. ඩී. වසන්ත කියා සිටියේ "සජිත් ප්‍රේමදාස මහතා ඊළඟ ජනාධිපතිවරණ පොරොන්දුවටක මේ ප්‍රශ්නය ගෙන යෑමේ යම් උත්සහයක් පිළිබඳව අපිට සැකයක් තියෙනවා. කරුණාකරලා.. රණවිරුවන්ගේ ගැටලු දේශපාලන පොරොන්දු කරගන්න එපා. අපිට අවංකව සහ සදාචාරාත්මකව මේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න. අපි කියන්නේ අදාළ කැබිනට් අනුමැතිය ලබාදීලා..ඊට අදාළ චක්‍රලේකයන් පළ කරලා මූලික කටයුතු සූදානම් කරන්න කියලයි." යනුවෙනි.
ආබාධිත රණවිරුවන් ඊයේ (17) රාත්‍රියේ කොළඹදී විරෝධතා පාගමනකද නිරත වූණා. පසුව පොලිසිය මැදිහත් වීමෙන් ඔවුන් විසුරුවා හැරුණා.
712 Views
Comments