ආනයන මාළු සහ වියළි මිරිස් සඳහා බදු අඩු කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
21

ආනයන මාළු සහ වියළි මිරිස් සඳහා බදු අඩු කෙරේ

ආනයන මාළු සහ වියළි මිරිස් සඳහා බදු අඩු කෙරේ


දැනට රුපියල් 450-500ත් අතර පවතින වියළි මිරිස් කිලෝවක මිල අඩු කිරීම උදෙසා ආනයනික වියළි මිරිස් කිලෝවක් සඳහා වන බද්දරුපියල් 25 සිට 05 දක්වා රුපියල් 20කින් ද, ආනයනික මාළු කිලෝවක් සඳහා වන බද්දරුපියල් 100 සිට 25 දක්වා රුපියල් 75කින් අඩු කිරීමට ජීවන වියදම් කමිටුවේදී තීරණය කළ බව ජීවන වියදම් කමිටුවේ සභාපති අමාත්‍ය පී. හැරිසන් මහතා අද( 21 ) පැවසීය. 

 


මේ අතර ඉදිරි උත්සව සමය වෙනුවෙන් පවතින කුකුළු මස් හා බිත්තර මිල පාලනය උදෙසා කුකුළු මස් හා බිත්තර ආනයනයට ද මෙහිදී අනුමැතිය හිමිව ඇත. 

 


එමෙන්ම රජයේ ගබඩාවන්හි පවතින වී තොග මෙට්‍රික්ටොන් 48,000ක ප්‍රමාණය සුළු හා මධ්‍යම ප්‍රමාණයේ වී මෝල් හිමියන් මඟින් ඉතා ඉක්මනින් සහල් කොට සතොස හරහා නාඩු කිලෝවක් රුපියල් 80ක් ද, සම්බා කිලෝවක් රුපියල් 85ක මිලට ද අලෙවි කිරීමට තීරණය කළ බව අමත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

 

views

666 Views

Comments

arrow-up