OCT
19
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ගෝඨාභය අතර අද අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අවබෝධතා ගිවිසුමකට අද අත්සන් තැබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේ, අද පෙරවරු 10.00 ට එම කටයුත්ත සිදු වන බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර මීට පෙරද තව ත් ගිවිසුමකට අත්සන් කරන ලදී.
816 Views
Comments