දරුවෙක්ට පහරදුන් විදුහල්පතිට වසර 2ක සිරදඬුවම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
14

දරුවෙක්ට පහරදුන් විදුහල්පතිට වසර 2ක සිරදඬුවම්

දරුවෙක්ට පහරදුන් විදුහල්පතිට වසර 2ක සිරදඬුවම්

බාලවයස්කාර පිරිමි දරුවෙකුව කෲරත්වයට පත් කළ විදුහල්පතිවරයෙකුට වසර 2ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කර තිබේ.

 


2013 වර්ෂයේ දී වයස අවුරුදු 12 ක පිරිමි දරුවෙක්ට පහරදී කෲරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව, අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මඟින් විමර්ශන සිදුකර ඇත.

 

ඒ අනුව කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 52 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන විමර්ශනය කර තිබේ. අනතුරුව, නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ නඩු පැවරීමෙන් පසුව චූදිතයා විසින් ම තමා වරදකරු බවට පිළිගෙන ඇත.

 

වරදකරු වු විදුහල්පතිවරයා විසින් සිය වරද පිළිගැනීමෙන් අනතුරුව අධිකරණය වසර 2ක බරපතළ වැඩ ඇතිව සිරදඬුවම් නියම කර, වසර 5කට අත්හිටුවා ඇති අතර, රු. 5000/=ක දඩ මුදලක් ද ගෙවීමට ද නියම කර තිබේ.

 

එම දඩ මුදල නොගෙවන්නේ නම්, මාස 3ක සිර දඬුවම් නියම කර ඇති අතර, මෙම නඩුවේ වින්දිත බාලවයස්කාර පිරිමි දරුවාට රු. 25,000/=ක වන්දි මුදලක් ගෙවීමට ද නියම කර ඇත. එම වන්දි මුදල වින්දිත දරුවාට නොගෙවන්නේ නම්, වසරක සිරදඬුවම් ලබා දීමට ද නියම කර ඇත.

 

views

683 Views

Comments

arrow-up