“ඉස්සො කොටුවක් සුද්ධ කරාම ඔක්සිජන් නැති වෙන්න කොහොමද?” – සනත් නිශාන්ත (VIDEO)

මෙරට දෙවැනි රැම්සා තෙත්බිම වූ ආනවිලුන්දාව විනාශ කර ඉස්සන් කොටු දැමීමේ සිද්ධියට තමන් සම්බන්ධ නොමැති බවට ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා.
අත් අඩංගුවට පත් වූ එක් පුද්ගලයෙක් තමන්ට ඉස්සන් කොටු ඇරඹීමට අවශ්‍ය බලපත්‍රය රාජ්‍ය අමාත්‍යවරයාගේ සහෝදරයා විසින් සකසා දීමට පොරොන්දු වූ බව පොලිසියට පවසා ඇති බැවින් පොලිසිය තමන්ගේ සහෝදරයාව සොයන බව සනත් නිශාන්ත මහතා පවසනවා.
තමන්ගේ සහෝදරයා සැඟවී නොමැති බවත් පොලිසිය පවසා ඇති ඊළඟ දිනයේදී ඔහු ඉදිරිපත් වනු ඇති බවට තමන් විශ්වාස කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.
තෙත්බිම විනාශ කිරීම සම්බන්ධයෙන් ඇත්තේ ‘නීතිය සහ මනුස්සකම සම්බන්ධ ගැටළුවක්’ බව පවසන රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ තමන් ගන්නේ මිනිසුන්ගේ පැත්ත බවයි.
සිදුවී ඇත්තේ අනාදිමත් කාලයක පටන් පැවති ඉස්සන් කොටුවක මඩ ඉවත් කිරීම පමණක් බවත් පරිසර හානියක් වී නොමැති නිසා මේ හරහා ඔක්සිජන් නැතිවන්නේ කෙසේද යන්න තමන්ට නොවැටහෙන බවත් ඒ මහතා පවසනවා.
දේශපාලන පරම්පරාවකින් පැවතගෙන එන අය පරිසර විනාශයක් සිදු කරද්දී සියල්ලන්ම නිහඬ බවත් එසේ නොමැතිව සාමාන්‍ය පවුලකින් දේශපාලනයට පිවිසි අය හට මෙලෙස චෝදනා කරන බවත් ඔහු පවසනවා.
හෙල්මට් එකක් නොමැතිව ගිය පළමු පුද්ගලයා තමන් නොවන බවත් ඕනෑතරම් අය හෙල්මට් නොමැතිව යන බවත් අවශ්‍ය නම් ඊට අදාල රු.500ක දඩය ගෙවීමට තමන් සූදානම් බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටිනවා.
767 Views
Comments