රූපවාහිනී සංස්ථාවේ කරන්න ගිය වෙනස ගැන ඇමති රුවන් කියයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
10

රූපවාහිනී සංස්ථාවේ කරන්න ගිය වෙනස ගැන ඇමති රුවන් කියයි

රූපවාහිනී සංස්ථාවේ කරන්න ගිය වෙනස ගැන ඇමති රුවන් කියයි

ශී‍්‍ර ලංකා රූපවාහිනි සංස්ථාව ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීම සම්බන්ධයෙන් ආරක්‍ෂක රාජ්‍ය සහ ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජේවර්ධන සිය ට්විටර් ගිණුම හරහා අදහස් පළ කර තිබෙනවා.  

 

ඔහු එහි සඳහන් කර ඇත්තේ ශී‍්‍ර ලංකා රූපවාහිනි සංස්ථාව කි‍්‍රයාත්මක වන්නේ පාඩු ලබමින් බවයි. බදු ගෙවන්නන්ගේ මුදල් මාසිකව රුපියල් මිලියන 40 ක් එය පවත්වාගෙන යාමට මහා භාණ්ඩාගාරය විසින් යෙදවීමට සිදුවන බවයි ඔහු සඳහන් කළේ.

 

තමන් ශී‍්‍ර ලංකා රූපවාහිනි සංස්ථාව තුළ පවතින මෙම තත්ත්වය වෙනස් කිරීමට උත්සාහ කළ බවද  ආරක්‍ෂක රාජ්‍ය සහ ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජේවර්ධන සිය ට්විටර් ගිණුම හරහා පෙන්වා දී තිබෙනවා.

 

views

704 Views

Comments

arrow-up