පාකිස්තාන සහ වෙනත් රටවල සරණාගතයින් 65%ක් පිටුවහල් කර අවසන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
10

පාකිස්තාන සහ වෙනත් රටවල සරණාගතයින් 65%ක් පිටුවහල් කර අවසන්

පාකිස්තාන සහ වෙනත් රටවල සරණාගතයින් 65%ක් පිටුවහල් කර අවසන්

ආරක්ෂාව වෙනුවෙන් වවුනියාවට රැගෙන ගිය පාකිස්තාන සරණාගතයින් සහ වෙනත් රටවල සරණාගතයින් 65%ක් මේ වන විට ඔවුන්ගෙ මුල් රටවලට පිටුවහල් කර ඇති බව වවුනියාව දිසාපති කාර්‍යාලය සදහන් කරනවා.

 

පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරයත් සමග මීගමුවෙ සිටි මෙම සරණාගතයින්ට කිසිදු ආරක්ෂාවක් නොමැති වීම නිසා ඔවුන් 115 දෙනෙකු වවුනියාවට රැගෙන විත් පුන්තෝට්ටම ප්‍රදේශයේ පිහිටි හමුදා කදවුරක රදවා තබා තිබෙනවා.

 

සරණාගත පිරිස රඳවා ඇති ස්ථානය වෙත යුද හමුදා ආරක්ෂාව යොදා ඇති අතර ඇතුළු වන මාර්ගය දෙපස යුද්ධ හමුදා නිලධාරීහු රැකවල් ලා සිටිනවා.

 

මේ වන විට වවුනියාව කදවුරේ රැදී සිටින්නේ විදේශීය සරණාගතයින් 63 ක් පමණි.

 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (UNHCR) සහ ශ්‍රී ලංකා ආණ්ඩුව අතර පවතින එකඟතාව මත සරණාගතභාවය පතා පැමිණෙන විදේශිකයන් ශ්‍රී ලංකාවේ රැඳී සිටින්නේ තාවකාලිකවයි.

views

558 Views

Comments

arrow-up