සාරුවා සුනිල්ගේ නඩු තීන්දුව ජනවාරි 09
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
15

සාරුවා සුනිල්ගේ නඩු තීන්දුව ජනවාරි 09

 සාරුවා සුනිල්ගේ නඩු තීන්දුව ජනවාරි 09

තමා යටතේ සේවය කළ අඹුසැමි යුවලකගේ බාලවයස්කාර දැරියක් බලහත්කාරයෙන් දූෂණය කිරීම සම්බන්ධයෙන් අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් නැමැත්තාට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව ලබන ජනවාරි මස 09 වෙනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණය අද (15) දින නියම කළා.

 


අද දින මෙම නඩුව කොළඹ මහාධිකරනයේ කැදවු අවස්ථාවේ පැමිණිලි පාර්ශ්වයේ වාචික දේශන අවසන් කරනු ලැබුවා. දෙපාර්ශවයේ ලිඛිත දේශන සති දෙකක් ඇතුළත ගොනු කරන ලෙසට මෙහිදී මහාධිකරණය නියෝග කළා.

 

 
හිටපු ප්‍රාදේශීය සභාපතිවරයා මෙම අපරාධය 2012 වර්ෂයේ මැයි මස 23 හා ජුලි මස 2 දා අතර කාලය තුල අකුරැස්සේ දී අවන්හලකදී සිදු කර ඇති බවට නීතිපතිවරයා අධි චෝදනා ගොනු කර ඇත.

 

views

546 Views

Comments

arrow-up