සජිත් පිලේ අලුත් ප්ලෑන් එක
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
08

සජිත් පිලේ අලුත් ප්ලෑන් එක

සජිත් පිලේ අලුත් ප්ලෑන් එක

ජනාධිපති අපේක්ෂක ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතා හෝ වෙනත් පාර්ශ්වයන් සම්බන්ධ කර ගනිමින් ඔහුගේ දෙවැනි මනාපය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන ලෙස  සඳහන් කරන ව්‍යාජ වීඩියෝ පටයක් සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වයෙන් සකස් කරමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

 

අද (07දා) පොලොන්නරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසුවා.

 

“ හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයා ලව්වා දැන් සැලසුමක් තිබෙනවා දෙවැනි මනාපය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන්න කියලා කියවගන්න. අපි ඕනෑ කමින් කියනවා විශේෂයෙන්ම සහරාන්ගේ අන්තවාදයට කිරිපොව්ව කිසිම අන්තවාදියෙකුගෙන් අපි මනාපය බලාපොරොත්තු වෙන්නේ නෑ.

 

ඔවුන්ගේ දෙවැනි මනාපයවත් පළමු මනාපයවත් මොකක්වත් අපි අපේක්ෂා කරන්නේ නෑ. ඉදිරිකාරයේදී යම් කිසි සැලසුමට අනුව හිස්බුල්ලා ආණ්ඩුකාරතුමා හරි වෙනත් දේශපාලඥයෙකු හරි ඔවුන්ගේ ස්වරූපය තියෙන කෙනෙක් හරි භාවිත කරලා දෙවැනි මනාපය හෝ ඡන්දය දෙන්න කියලා වීඩියෝ පටයක් එළියට ආවොත් ඒක අපේ වුවමනාවට සිදුවෙන දෙයක් නෙමයි. ඒක විශ්වාස කරන්න එපා.

 

දෙමළ ජාතික සන්ධානය සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන්න තීරණය කර තිබෙනවා. යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය කියනවා තම ඉල්ලීම් 13 ඉටු නොකළොත් ජනතාව පෙළ ගස්සනවා කියනවා. ඉදිරි සතියේදී විවිධ කුමන්ත්‍රණ කරයි. ඒවට රැවටෙන්න එපා.”

views

659 Views

Comments

arrow-up