රටටම එළිය දෙන විදුලි බල මණ්ඩලය අඳුරේ - මෛත්‍රී
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
09

රටටම එළිය දෙන විදුලි බල මණ්ඩලය අඳුරේ - මෛත්‍රී

රටටම එළිය දෙන විදුලි බල මණ්ඩලය අඳුරේ - මෛත්‍රී

රටටම එළිය දෙන විදුලි බල මණ්ඩලය අඳුරෙන් ගලවා ගැනීමට කඩිනම් පියවර ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

 

ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ පාඩුව මේ වසර වන විට රුපියල් බිලියන 89ක් බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

 

ජනාධිපතිවරයා මේ බව සඳහන්  කළේ  විදුලි පුරාණය ග්‍රන්ථය එළිදැක්වීම වෙනුවෙන් ඊයේ (08දා) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවය අමතමින්.

 

විදුලි බල මණ්ඩලයේ සිදුව තිබෙන දැවැන්ත කඩාවැටීම පිළිබඳ වගකීමේ දී මහජන උපයෝගිතා කොමිසමට ඉන් නිදහස් විය නොහැකි බව ද ජනාධිපතිතුමා කියා සිටියා.

 

මේ අතර ජල සම්පාදන, ඛනිජ තෙල් සහ ශ්‍රී ලංකා ගුවන් සේවය යන ආයතනවල සිදුවන අක්‍රමිකතා රට දැවැන්ත ආර්ථික අගාධයකට ඇඳ දමා තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ආණ්ඩුවක් ලෙස තීන්දු තීරණ ගැනීමේ දී මෙම ආයතනවලින් රටේ ආර්ථිකය බේරා ගැනීමට කඩිනම් පියවර ගත යුතු බව ද සඳහන් කළා.

views

606 Views

Comments

arrow-up