නාවික හමුදාව ගොඩගත් විශාලම අවරපෙත්ත

මුහුදු බත්ව තිබි ගොඩගත් පෞරාණික අවරපෙත්ත නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කර තිබෙනවා. 1913 වර්ෂයේදී හම්බන්තොට, කුඩා රාවණ කොටුව ප්‍රදිපාගාරයට ඔබ්බේන් වූ මුහුදේදී මුහුදු බත්වූ නෞකාවකට මෙම අවරපෙත්ත අයත් යැයි සැලකෙයි.
වර්තමාන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් හම්බන්තොට මුහුදු ප්‍රදේශයේ සිදු කළ කිමිදුම් ගවේෂණයකදී මුහුදු පතුලේ තිබු නෞකා සුන්බුන් නිරික්‍ෂණය කර ඇති අතර, එහිදී නෞකාවෙන් වෙන්ව තිබූ මෙම අවරපෙත්ත නිරික්‍ෂණය කර තිබෙනවා.
එහි පෞරාණික වටිනාකම හඳුනාගත් නාවික හමුදාධිපති විසින් මෙම අවරපෙත්ත පුරාවස්තු කොල්ලකරුවන්ගෙන් ආරක්‍ෂාකර ගැනීමේ අදහසින් එය ගොඩ ගැනීම සඳහා නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් යොදවා කිමිදුම් මෙහෙයුමක් සිදු කළා. ඔවුන් ආරක්‍ෂිතව මෙම අවරපෙත්ත ගොඩට ගැනීමට කටයුතු කළා. නාවික හමුදාවේ ගොඩගැනීම් මෙහෙයුම් සඳහා නම් කර ඇති ‘A 521’ යාත්‍රාව සිදුකළ පළමු මෙහෙයුමද මෙයයි.
වෙනත් ආයතන මගින් මිට පෙර කිහිප අවස්ථාවකදී මෙම අවරපෙත්ත ගොඩගැනීමට උත්සහ කර ඇතත් එය අසාර්ථක වී ඇතැයි නාවික හමුදාව නිවේදනය කරනවා. ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් ඒකකය විසින් ගොඩගත් විශාලතම අවරපෙත්ත ලෙස මෙය ඉතිහාස ගත වනු අැති.
720 Views
Comments