ගෝඨාභය වෙනුවෙන් ඇප තැන්පත් කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
20

ගෝඨාභය වෙනුවෙන් ඇප තැන්පත් කරයි

ගෝඨාභය වෙනුවෙන් ඇප තැන්පත් කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන්  අද (20) මැතිවරණ කොමිෂන්  සභාවේදී  ඇප තැන්පත් කෙරුණා.

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්  සාගර කාරියවසම් මහතා  විසින් මෙම ඇප තැන්පත් කිරීම සිදු කරනු ලැබුවා.

 

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් 03 දෙනෙකු මේ වන විට ඇප මුදල් තැන්පත් කරනු ලැබ තිබෙනවා.

 

ශ‍්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය වෙනුවෙන් පරිසරවේදිනී ආචාර්ය අජන්තා පෙරේරා, ස්වාධීන පක්ෂ අපේක්ෂක ජයන්ත කැටගොඩ සහ ස්වාධීන පක්ෂ අපේක්ෂක සිරිපාල අමරසිංහ යන අය විසින් මෙලෙස ඇප තැන්පත් කළ අයයි.

 

ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ලබන නොවැම්බර් මස 16 වනදායි.

views

633 Views

Comments

arrow-up