HIV වලින් ආරක්ෂා වන ඖෂධය ලංකාවටත්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
15

HIV වලින් ආරක්ෂා වන ඖෂධය ලංකාවටත්

HIV වලින් ආරක්ෂා වන ඖෂධය ලංකාවටත්

PrEP (Pre-exposure prophylaxis -පූර්ව රෝග නිවාරණය) යනු HIV නොමැති නමුත් HIV ආසාදනය වීමේ ඉහළ අවදානමක් ඇති පුද්ගලයින්ට දිනපතා පෙති ගැනීමෙන් එම වෙෙයිරසය සම්ප්‍රේෂණය වීම ඉතාමත් අඩු කිරීම සදහා ලබා ගත හැකි ඖෂධයකි. නව ඖෂධය HIV වැළඳීමට ඉතා ඉහළ හැකියාවක් ඇති පුද්ගලයන්ට ලබා දීම මගින් පරීක්ෂණ වලට භාජනය කර ඇති අතර එමගින් හෙළි වී තිබෙන්නේ HIV වයිරසයෙන් පුද්ගලයන් ආරක්ෂා කිරීමට ඉහල හැකියාවක් මෙම නව ඖෂධය සතු වන බවයි.

 

 

දිනපතා ගන්නා විට, HIV වැළැක්වීම සඳහා PrEP ඉතා ඵලදායී වේ. අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ දිනපතා ගන්නා විට PrEP මගින් ලිංගිකව HIV සම්ප්‍රේෂණය වීමේ අවදානම 99% කින් පමණ අඩු කරන බවයි. ඖෂධ එන්නත් කරන පුද්ගලයින් අතර, PrEP දිනපතා ගන්නා විට අවම වශයෙන් 74% කින් අවදානම අඩු කරන අතර PrEP නිරන්තරයෙන් නොගන්නේ නම් එහි ඵලදායීතාව ඉතා අඩු වනවා.

 

HIV නොමැති පුද්ගලයින් HIV ආසාදිත පුද්ගලයෙකු සමඟ සම්බන්ධ වීමට පෙර PrEP ඖෂධය ශරීරය තුළ HIV ආසාදනය වීම වැළැක්වීමට ක්‍රියා කරයි. PrEP ලබාගෙන සිටියදී HIV වෙෙරසයෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඇති කෙරෙන බලපෑම වළක්වන අතර ප්‍රතිශක්තිකරණ සෛල සියල්ල ආරක්ෂා කරයි. මෙම ඖෂධය ලබාගැනීම පෙර පරීක්ෂණ මගින් සෞඛ්‍ය තත්වය යහපත් ද යන්න පරීක්ෂා කර තහවුරු කරගත යුතු බව වෙෙද්‍ය උපදෙසයි.

 

 

සහකරු සහකාරියට HIV වැළදුණු අයෙක් නම්, HIV වැළදුණු සමලිංගික (පිරිමින් සමඟ ලිංගිකව හැසිරෙන පිරිමින්) හා ද්වීලිංගික(කාන්තාවන් පිරිමින් දෙපිරිසම අසුරුකරන), සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් සහ විෂමලිංගික පිරිමින් සහ කාන්තාවන් සඳහා මෙන්ම මත්ද්‍රව්‍ය එන්නත් කරන පුද්ගලයින් අතර ලිංගිකව හැසිරීමෙන් HIV ආසාදනය වීමේ අවදානම අඩු කර ගැනීම සදහා PrEP පෙන්වා දී ඇත.

 

PrEP මගින් එච්.අයි.වී වලින් පමණක් ආරක්ෂා වන බැවින් ගොනෝරියා, උපදංශය වැනි අනෙකුත් ලිංගාශ්‍රිත රෝග වලින් ආරක්ෂා වීමට කොන්ඩම් වැදගත් වේ.

 

PrEP නොකඩවා නොගන්නේ නම් කොන්ඩම් ද වැදගත් වැළැක්වීමේ උපාය මාර්ගයකි.

 

 

නියමු ව්‍යාපෘතියක් ලෙස ඉදිරියේදී  ශ්‍රී ලංකාවේ PrEP ඖෂධය හදුන්වා දීමට සෞඛ්‍යය අමාත්‍යංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන (National STD/AIDS Control Program: NSACP) සමග රාජ්‍යය නොවන සංවිධාන එක්වෙමින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. 

 

PrEP ලිංගිකව සම්ප්‍රේෂණය වන වෙනත් ආසාදන (STI) හෝ ගර්භනීභාවයෙන් ආරක්ෂා නොවේ. PrEP එච්.අයි.වී සඳහා ප්‍රතිකාරයක් නොවේ.

 

-  PEP යනු HIV ආසාදනය වීම වැළැක්වීම සඳහා නිරාවරණය වීමෙන් පසුව ප්‍රති-වයිරස ඖෂධ ගැනීමයි. HIV වලට නිරාවරණය වී පැය 72 ක් ඇතුළත PEP ඖෂධ ලබා ගැනීම ආරම්භ කළ යුතුය. ඔබට PEP නියම කර ඇත්නම්, වෙෙද්‍ය උපදෙස් මත ඔබට එය දින 28 ක් දිනකට වරක් හෝ දෙවරක් ගත යුතු වනවා.

 

 

views

1150 Views

Comments

arrow-up