විග්නේශ්වරම්ගේ පිබිදෙව් දෙමලුනි( "එළුග තමිල්" ) හෙට යාපනයේ ?
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
15

විග්නේශ්වරම්ගේ පිබිදෙව් දෙමලුනි( "එළුග තමිල්" ) හෙට යාපනයේ ?

විග්නේශ්වරම්ගේ පිබිදෙව් දෙමලුනි( "එළුග තමිල්" ) හෙට යාපනයේ  ?

නැගිටිව්, පිබෙදෙව් දමිළයිනි නොහොත් එළුග තමිල් වැඩසටහන මෙවර යාපනය දිස්ත්‍රික්කයේ උත්සවාකාරයෙන් පැවත්වීමට සියල්ල සූදානම් කරමින් සිටින බවට උතුරු ආරංචි මාර්ග සදහන් කරයි..දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් විසඳුම් ලබා ගැනීමට සියල්ලන් එයට සහභාගී වන ලෙසට මේ දින වල උතුරු පලාතේ විවිධකාරයෙන් දැන්වීම් වැඩසටහන් සංවිධානාය වී ඇත.

 

රජ කාලයේ සේ  ගම්වාසීන් දැනුවත් කරන ලද අණබෙර ගැසූ ආකාරයට රාජ පුරුෂයන් ආකාරයට හැඳගත් පුද්ගලයින් උතුරේ දිස්ත්‍රීක්ක පහේම මෙන්ම ගම්මාන වෙතද ගමන් කොට බෙර ගසමින් එළුග තමිල් වැඩසටහනට සහභාගී වන ලෙසට සියලු දමිළ වැසියන්ගෙන් මෙහිදී ඉල්ලීමක් කර සිටියි.

 

මේ මස (සැප්තම්බර්) 16 වනදා යාපනය දොරෙඅප්පා ක්‍රීඩාංගනයේ හෝ ඊට ආසන්නයේ එළුග තමිල් වැඩසටහන උතුරු පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශවරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්වීමට සූදානම් කොට ඇත.

 

එහිදී ජනතාව බෙර වාදනය කරමින් දැනුවත් කොට සිටින්නේ යුද්දයෙන් පසුව දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් මෙතෙක් කිසිදු විසඳුමක් නොලැබුනු බවටත් මේ වන විට දෙමළ ජනතාවට ඉඩම් ගැටලු, ආර්ථික ගැටලු ,යටිතල පහසුකම් ගැටලු, පරිපාලන ගැටලු ආදි බොහෝ ගැටලු වෙනුවෙන් කිසිදු විසඳුමක් නොලැබීම හේතුවෙන් සියලු දෙමළ වැසියන් එක්ව රජයට බලපෑමක් කිරීම සඳහා යාපනයේ පැවත්වෙන එළුග තමිල් වැඩසටහන සහභාගී වන ලෙසට දැනුම් දෙනු ලබයි.

 

යුද සමයේදී කොටි සංවිධානය විසින්ද ‘‘පොංගු තමිල් ‘‘ වශයෙන් මෙලෙසින් වැඩසටහනක් උතුරු පලාතේ පැවත්වූ අතර යුද්දයෙන් පසුව උතුරු නැගෙනහිර එළුග තමිල් වැඩසටහන අවස්ථා කිහිපයක් පවත්වා පසුව එම වැඩසටහන නැවත්වීමට පියවර ගෙන තිබූ නමුත් මෙවර උත්සවාකාරයෙන් පැවත්වීමට සංවිධානය කොට ඇත.

 

උතුරු පාලත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතාගේ ටී.එම්.කේ. පක්ෂයටද එළුග තමිල් වැඩසටහන ආධාරයෙන් වාසියක් ලබාගැනීම විග්නේශ්වරන් මහතාගේ ප්‍රධාන අරමුණ බවටද උතුරේ දේශපාලඥයින් කියා සිටිති.

views

695 Views

Comments

arrow-up